කොරෝනා වෛරස් අවදානම හේතු කොටගෙන සෞඛ්යාරක්ෂිත මුව ආවරණ නොමිලේ ලබාදීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම වෛරසය පැතිර යෑම පිළිබඳ මතුව ඇති බිය හේතුවෙන් මුව ආවරණවලට අධික ඉල්ලුමක් මතුව ඇති බවත්, ඒ ඉල්ලුම හේතු කොටගෙන ඇතැම් වෙළෙඳුන් ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ දැමීමට කටයුතු කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.
ඒ අනුව කලකට පෙර ක්‍රියාත්මක වූ ඖෂධ මාෆියාව මෙන් මුව ආවරණ මාෆියාවක්ද ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇති අතර, මෙවැනි ජාතික ව්‍යසන මොහොතක එලෙස ජාවාරම් කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද විපක්ෂනායකවරයා සිය නිවේදනයෙන් අවධාරණය කරයි.
රාජ්‍ය යාන්ත්‍රණය ගම දක්වාම ක්‍රියාත්මක කළ යුතු බවත්, එමගින් සියලු පවුල් ඒකක සහ පුද්ගලයන් දැනුවත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළකට යෑමට රජය වහාම පියවර ගතයුතු බවත් ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.
ඒ අනුව කෙටි පණිවුඩ යැවීම්, අත්පත්‍රිකා බෙදාහැරීම්, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදිය රජය මැදිහත්ව කඩිනමින් සිදුකළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.