රුපියල් මිලියන 14.3 කට අධික රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිටි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනෙනක් අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගුව සමත්ව තිබේ. ඊයේ රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මොවුන් මහනුවර , අකුරණ ප්‍රදේශයේ පදිංචි , අවුරුදු 48 , 46 සහ 44 යන වයස් වල පසුවන ව්‍යාපාරිකයෝ තිදෙනෙකි.
ඔවුන් විසින් සකස් කරගෙන විත් තිබූ ලෝහමය බට 06 ක් තුළ මෙම රන් බිස්කට් තොගය දමා ගෙන පමිණ තිබේ. එහි රන් බිස්කට් කැබලි 48 මෙම ලෝහ බට තුළ මොවුන් සගවා ගෙන තිබූ අතර , එම රන් බිස්කට් සියල්ලේම මුළු බර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 400 ක් බව රේගුව ප්‍රකාශ කරයි.
ටී.කේ.ජී. කපිල