මධ්‍යම හා සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 තද වර්ෂාපතනයක්ද වයඹ පළාතෙත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.
එසේම දිවයින හරහා හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයත්, දිවයිනේ හා විශේෂයෙන් මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර,දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්රිත්කයෙත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 70-80 පමණ දක්වා වන ඉතා තද සුළංද සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 වැඩි තරමක තද සුළං ද ඇතිවිය හැකි බවද අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.