කොවිඩ් 19 තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ තවමත් ගැසට් කර නොමැති වීම ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මාර්ගෝපදේශ නිකුත් කර සති පහක කාලයක් ගතවී ඇති බවත් ඒ පිළිබඳව ජනපතිවරයා හා නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් සභාපතිවරයා පවසයි.
එම මාර්ගොපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.