මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරු සභාවේ මේස පුටු පෙරළාගෙන න්‍යාය පත්‍ර විසි කරමින් අද (17) දැඩි උණුසුම් තත්ත්වයක් ඇති කර ගත් අතර එම නිසා විශේෂ සභාවේ කටයුතු පැය භාගයකට සිමා විය.
මෙම විශේෂ සභාව කැඳවා තිබුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සභාපතිවරයාගෙන් විශේෂ සභාවක් කැඳවන ලෙස ඉල්ලා තිබුණු යෝජනාවකට අනුවයි.
ඒ අනුව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එජාපයේ අනුර චන්දන ජයවන්දල මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභා ගර්භයේදි සභාව උදෑසන 10.00 ට පමණ පැවැත්විය.
විපක්ෂය විසින් විශේෂ සභාවට ඉදිරිපත් කරන ලද යෝජනා වලට බාහිරව සභාපතිවරයා විසින් එදින න්‍යාය පත්‍රයට වෙනත් යෝජනා ඉදිරිපත් කර ඇති බව පවසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිය විරෝධතාවය පළ කර සිටියහ.
අසුන් වලින් නැගිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපතිවරයාට සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා කර අතර සිය යෝජනා නොමැතිව සභාව පවත්වාගෙන යෑමට නීිතීමය හැකියාවක් සභාපතිවරයාට නොහැකි බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු විරුද්ධ වෙමින් සභාපතිවරයාගෙන් එදින විපක්ෂය බෙදිමක් ඉල්ලා සිටින්නට විය.
නමුත් ඊටද සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විරුද්ධ විම නිසා මෙම උණුසුම් තත්ත්වය තව තවත් වැඩි විය.
එහිදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය න්‍යාය පත්‍රය සභාපති දෙසට විසි කර දමා සභාවේ මේස පෙරළා දැමු අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද කිහිප දෙනෙක්ද ඔවුන්ගේද මේස පෙරලා දැමු අතර සභාවේ සමහර මන්ත්‍රීවරුන් පැමිණ ඒවා යථා තත්ත්වයට පත් කර අතර ඊට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ උදවුද ලැබුණි.
ඒ අනුව සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි වු හෙයින් සභාපතිවරයා විසින් සභාව විනාඩි 10 කට කල් දැමිම සිදු විය. පසුව සභාව නැවත ආරම්භ කර අතර එහිදිද සභාවේ උණුසුම් තත්ත්වය එලෙසම පැවැතිම නිසා සභාව විනාඩි කිහිපයකදි අත්හිටුවිමට සභාපතිවරයා විසින් තීරණය කරන ලදි.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සියලූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු වන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 16 ක් හා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 16ක්ද ශ්‍රීලනිප මන්ත්‍රීධූර 5ක් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධූර 1ක්ද, ස්වාධින පක්ෂ 2 කින් මන්ත්‍රීධූර 2ක්ද හිමි කර ගත් අතර ප්‍රාදේශිය සභාවේ බලය පිහිට විමේදි එක්සත් ජාතික පක්ෂය විසින් සිය මන්ත්‍රීධූර 16ට ශ්‍රීලනිප 5ත්, ස්වාධින මන්ත්‍රීධූර දෙකක සහාය ලැබුණි. නමුත් මෑතක සිට මාවනැල්ල ආසනයේ ශ්‍රීලනිප ආසනයට නව සංවිධායක වරයෙක් පත් විම හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශිය සභාවේ විපක්ෂයට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහායද හිමි වි ඇත.
ඒ අනුව මෙ වන තෙක් පැවැති සභාවාර කිහිපයකදිම මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂයට හා විපක්ෂය අතර උණුසුම් තත්ත්වයන් හට ගත් අතර පසුගිය ජුලි 09 වැනිදා දිනයේද මාවනැල්ල සභාවේ උණුසුම් තත්ත්වය හේතුවෙන් මාවනැල්ල පොලීිසියෙන් කැඳවිමටද සභාපතිවරයාට සිදු විය.