මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් මාලදිවයින තුළ සංචාරක හෝටල් ආශ්රිත රැකියාවල නියැලී සිටි ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු වාර්තා වේ.
මෙම ගුවන් මගීන් පිරිස මාලදිවයිනේ , මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 102 දරන ගුවන් යානයෙන් අද දින දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කර ඇති නවතම වෛද්‍ය රසායනාගාරය තුළදී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි .