මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (18) උදෑසන සිට ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .
නාවලපිටිය නගරයේ බස් නැවතුම්පළේ සිට ගම්පොළ දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබුණි.
ප්‍රධාන නගරය ජලයෙන් යට විම නිසා වෙළඳසැල් කිහිපයක්ද ජලයෙන් යට වි තිබිම නිසා එම වෙළඳසැල් හිමියෝ දැඩි අසිරුතාවයට පත් වි සිටියහ.
වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් උදෑසන සිට විවෘත කර තිබුණි.
සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා නගරය හරහා ගමන් කරන රථ වාහන වලට මෙන්ම නගරයට පැමිණෙන මගි ජනතාව මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසිරුතාවයට පත් විය.