මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය කර වෘත්තිය පුහුණුවක් ලබා දී සමාජගත කිරිම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම කටයුතු සඳහා තරුණ හා ක්රිඩාකටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අවශ්‍ය පහසුකම් ලබාදිමට පොරෝන්දු වී තිබෙන බවද අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ පිබදව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර් සරත් විරසේකර මහතා හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකඡාවක් පැවත් වු බවත් එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාතාත් සහාභාගි වු බවද පෙන්වා දෙයි
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් බන්ධනාගරගත කිරිමෙන් පසු නිදහස් ව පැමිණෙන පිරිස්වලින් යම් ප්‍රමාණයක් අපරාධකරුවන් බවට පත්වන බවට සොයා ගැනිම නිසා හා අපරාධ කරුවන් ගෙන් සියට හතලිහක් (40%) පමණ මත්ද්‍රව භාවිත කරන බවට තහවුරු විම නිසා මෙම තිරණය ගෙන තිබේ.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරිම සදහා විධායක කළමනාකරණ කමිටුවක් පත් කිරිමට තිරණය කර තිබෙන අතර මේ අනුව බන්ධනාගරගත කළයුතු පිරිස් හා නේවාසිකව පුනුරුත්ථාපන කර වෟත්තිය පුහුණුව ලබා දිම පිළිබඳව තීරණ ගැනීමට නියමිතය.
මෙහිදි දිගුකාලිනව හා කෙටිකාලිනව මත්ද්‍රවවලට ඇබ්බැහිවූවන් හදුනාගෙන ඔවුන්ට තාක්ෂණික ක්‍රම භාවිතා කර උපදේශන සේවා සැපයිමටත් තිරණය කර තිබේ.