Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
මගීන් 280කට ගමන් කළහැකි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32ක් රැගෙන යෑම සඳහා බව කියමින් රුසියාවට ඍජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබාගත හැකිව තිබූ විශාල ලාභයක් අහිමිව ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මහත්මිය ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි කළාය.
ලංකාවේ සිට රුසියාවට ඍජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් ලක්ෂ 172ක වියදමක් දැරීමට සිදු වූ බවත්, මේ සඳහා සහ අතිරේක වියදම් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් ලක්ෂ 250ක මුදලක් ගෙවූ බවත් අවන්ති අබේසිංහ මහත්මිය විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළාය.
ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
අතිරේක සොලිසිටර් ජනරාල් චතුර ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මෙනවිය සාක්ෂි දෙමින් 2011 ජුනි මස 16 වැනිදා කටුනායක සිට රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් ගුවන්තොටුපොළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) සඳහා බව කියමින් ඍජු ගුවන් ගමනක් ගියේ යැයිද එම ගුවන් යානය 2011 ජුනි මස 18 වැනිදා යළි ලංකාවට පැමිණි බවද දැනුම් දුන්නාය.
මගීන් 280කට ගමන් කළහැකි ඒ-340 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32ක් සඳහා බව කියමින් මෙලෙස රුසියාවට ඍජු ගුවන් ගමනක් ගිය බවත්, ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබාගත හැකිව තිබූ විශාල ලාභයක් අහිමිව ගිය බවත් දැනුම් දුන් අවන්ති අබේසිංහ මහත්මිය මගීන් 280කට ගමන් කළහැකි ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32දෙනෙකු සඳහා රුසියාවට ගෙන ගිය හේතුව තමන් නොදන්නා බවද කීවාය.
popular news
nimal Monday, 22 October 2018 09:39 AM
අපේ අය අයෙමත් ඒ කට්ටියම් ගෙනෙඉද? රනිල්, මෛත්‍රී,මහින්ද සහ කල්ලිය? අපේ උන් නම් සාමානයෙන් එහෙමෛ.
Reply : 117 0
raawana Monday, 22 October 2018 03:29 PM
එහෙම කලාට මොකක්ද ඇති වැරැද්ද?ඕව කුරහන් විකුණලා හොයපු සල්ලිනෙ.එකනේ නැවත බලයට ගෙනෙන්න හදන්නේ.
Reply : 0 0
raawana Monday, 22 October 2018 03:29 PM
එහෙම කලාට මොකක්ද ඇති වැරැද්ද?ඕව කුරහන් විකුණලා හොයපු සල්ලිනෙ.එකනේ නැවත බලයට ගෙනෙන්න හදන්නේ.
Reply : 0 0
Champa Monday, 22 October 2018 10:39 PM
මේ මොකක්ද මේ? VVIP ලා 32ක්? එහෙම වුනේ කොහොමද? ලංකාවේ ඉන්නේ VVIP ලා දෙන්නයි. ජනාධිපති සහ අගමැති. කවුද ඇත්තට මේ 32කේ VVIP සෙට් එක? මේ ලංකාවේ VVIPsලද නැත්නම් ස්වාසිලන්තේ VVIPsලද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd