පවතින කොරෝනා වසංගතය හේතුවෙන් හෙට (10) සිට දින තුනක කාලයක් බෙලිඅත්ත නගරයේ වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව කියයි.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් දිනපතා කොරෝනා රෝගීන් හඳුනාගැනීම හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගෙන තිබිණි.
සෞඛ්‍ය අංශයේ උපදෙස් පරිදි බෙලිඅත්ත වෙළද සංගමයේ සාමාජික සාමාජිකාවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව විසින් හෙට (10) දින සිට දින තුනක කාලයක් සඳහා බෙලිඅත්ත නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමීමට තීරණය කර තිබේ.