මහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අනුව පෙබරවාරි මස මුල් සතියේදී පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතය.
කථානායකවරයා මේ බව තීරණය කර ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මේ පිළිබඳව ඉදිරි තීරණය සිකුරාදා පස්වරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිත බවද නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දුන්නේය.