බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මුස්ලිම් ජනතාව ඉලක්කකර සිදුවන්නක් නොවන බවත් , රටේ තිබෙන නීතියට පරිබාහිරව දේශපාලන බලපුලුවන්කාරකම් මත දේශාපලකයින් සිදුකරන ලද ක්‍රියාමාර්ගවලට ඒරෙහිව බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
අද (19දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
බැටිකලෝ කැම්පස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකයකුද වන මහාචර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ එම කාරක සභාව සකස් කළ වාර්තාව කැබිනට් මණඩලයට ඉදිරිපත්කර ඇති බවයි.
එසේම ඒ සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනුකාරක සභාවේ වාර්තාවද ලැබීමට නියමිතව ඇති බවයි.
එම වාර්තාවල ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කථානයක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් කළේය.