ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුද්ගලික බස් රථ සංගම් විසින් අද දින මධ්‍යම රාත්‍රී 12න් පසු පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබිණි.
රජය විසින් පොරොන්දු වු පරිදි රුපියල් ලක්ෂ තුනක මුදලක් බැංකුවක් මගින් ණය මුදලක් ලෙස ලබා නොදීම, කල්බදු වාරික හා රක්ෂණ මුදල් ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් ලබා දිම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් තුන විය.
මීට අමතරව බස්නාහිර පළාත් මාරගස්ථ මගි ප්‍රවාහණ අධිකාරියේ ක්රියාකලාපයන්ද ඔවුහු දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.
අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ඔවුන් ඉහත කී ඉල්ලිම්වලට අමතරව ඉන්ධන සහනාධාරයක් හෝ බස් ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
නමුත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ බස් රථ සංගම්වල ඉල්ලීම් සාධාරණ බව පිළිගන්නා නමුත් දැනට පවතින වාතාවරණය තුළ ඉන්ධන සහානාධාරයක් හෝ බස් ගාස්තු නැංවීමක් සිදු කළ නොහැකි බවයි.
නමුත් ලබන බදාදා (15) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් තුන ඉදිරිපත් කර ඒ සඳහා විසඳුම් ලබා දිමට පියවර ගන්නා බවත්, කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු මේ වනවිට මහජනතාව ප්‍රවාහණ සේවා භාවිතා කරමින් ගමන් කිරීම අරඹා තිබෙන බැවින් මෙම අවස්ථාවේ බස් රථ ධාවනයෙන් ඉවත් නොවන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.
ඒ අනුව අද දින මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පුද්ගලික බස් සංගම් විසින් ගන්නා ලද තීරණය සතියකින් කල්දැමීමට ඔවුහු තීරණය කළහ.