බය නැති අගමැති හා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියමින් උඩබුරපු සභා නායක ඇතුළු එජාපයේ සියලු දෙනා රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංගයට බය වෙලා ඉන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
අද (24) පැවති පොදුජන පෙරමුණ පක්ෂ රැස්විමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
විශ්වාසභංග යෝජනාව බය නැත්නම් පසුවට නොතියා එළැඹෙන මාසයේ මුල්සතියේ පාර්ලිමේන්තු සැසියේම මේ විවාදය ගන්න. මේ පත්කරලා තියෙන තේරීම් කාරක සභාව පත්කරලා තියෙන්නේ රිෂාඞ් බදියුදීන්ගේ පිරිසිදුභාවය ඔප්පු කරන්න. එජාපය බලයට පැමිණිදා ඉදලාම විවිධ කමිටු පත්කරපු නිසා අපිට මේ කමිටු පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනවා.
බැදුම්කර වංචාවටත් කමිටුවක් දැම්මා. සාලාව ආයුධ ගබඩාව ගිනි ගත්තාමත් කමිටුවක් පත් කළා. කැබිනට් එකේ ඇමැතිවරු කොකේන් ගහනවා කියලා රංජන් රාමනායක කියපු කතාවටත් කමිටුවක් දැම්මා. මේ කමිටුවලට මොනවා වුනාද දන්නේ නැහැ. රිෂාඞ් බදියුදීන්ට සුදු හුණු ගාන්න ගෙනාපු මේ කමිටුවෙන් සිද්ධ වෙන්නෙත් රිෂාඞ්ට සුදුහුණූ ගාලා සෝදලා පිරිසිදු කරලා නැවත දේශපාලනය කරන්නත්, මෙවැනි චෝදනා සහිත ක්‍රියාකාරකම්වලට නැවත ජිවයක් ලබා දිමයි වෙන්නේ.
පාස්කු ඉරිදා සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වුනු ජනතාවටත්, අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ඉන්න අයටත් අසාධාරණයක් වෙන්නේ.