රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල්මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙන යන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (24) බත්තරමුල්ල නෙලූම් මාවතේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය.
පාස්කු දිනයේ සිදුවූ ත්‍රස්තවාදි බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඇති ජනහඩට සවන්දි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇතැයි ද කී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංගය මගින් විපක්ෂයට සිදුවන එකම වාසිය රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා තරහ විම පමණක් බවද අවධාරණය කළේය.
පාසලක් අසලින් අත්බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද එහිදී මාධ්‍යවේදීන් විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි අතර එහිදි ඔහු සඳහන් කළේ ,
”ආයෙමත් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මේ බෝම්බ කවුද පාසල අසලට ගෙනත් දැම්මේ කියන දේ සොයා බලන්න වෙනවා. පොලීසිය ආරක්ෂාව දෙනවා කිව්වාට තවමආරක්ෂාවක් නැති බවයි මෙයින් පේන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඇරලා පාසල් වහන්න බැහැනේ. පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවර ගන්නඅවශ්යයි” යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි