පුළුවන් නම් ගෝඨාභයගේ කාටුන් එකක් ඇඳලා පෙන්වන්න, බැරි නම් මම ඇඳලා දෙන්නම් පළ කරන්න යැයි සෞඛ්‍ය අමාත්‍ය ,දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැති ජනරැළි අමතමින් ඊයේ (16) අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ජනරැළි අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“ඊයේ පොදුජන පෙරමුණේ ගෝඨාභය මහතා ප්රවෘත්ති පත්‍ර සාකච්ඡාවක් කරනවා. මේවා කරන්න බැරිනම් මේ මිනිහව දාන්න එපා. සවුත්තු වුණානේ. ගැණු ළමයෙක් අහනවා ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක්. උත්තර නෑ. ආර්ථිකය ගැන අහනවා. ආර්ථිකය ගැන මේ අපේ හිටපු ජනාධිපති ඉන්නවා එයා කියයි කියනවා. එයා ඉන්නවා නම් එයා එවන්න තිබුණානේ ජනාධිපතිකමට. මේ වෙලාවට වෙන කෙනෙක් ඇමරිකානු තානාපති හරි ඇවිල්ලා මොනා හරි ඇහුවොත් ඒ ප්‍රශ්ණෙත් අයියගෙන් අහන්න කියයි. ඊට පස්සේ අයියා තමයි ආර්ථිකය ගැන කථා කරන්නේ.
අයියා දන්න ආර්ථිකයකුත් නැහැ. එයා ජිවිතේට පොතක් පත්තරයක් කියවන්නේ නැති එක්කෙනෙක්. එයත් වෙන කවුරු හරි කියන එකක් තමයි අහගෙන කියන්නේ. ඊට පස්සේ අහනවා අර ගෑණු ළමයි අර සුදු කොඩි උස්සගෙන ආව කට්ටිය අතුරුදන් වුනා. ඒ කට්ටියට මොකද වුණේ. නෑ ඉතින් ඒ කාලේ යුද්ධ කළේ මම නොවෙයි නේ. යුද්ධ කළේ යුධ හමුදාපතිනේ, දැන් මෙච්චර කල් කිව්වා යුද්ධය කළේ තමන් කියලා. මේ රට බේර ගත්ත රණවිරුවා තමයි එන්නේ කියලා. දැන් බලන කොට රණවිරුවා අපේ පැත්තෙනේ. අන්න ඒ නියම රණවිරුවා තමයි අපේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති වෙන්නේ. එයාව තමයි අපි රට ආරක්ෂා කරන්න දැම්මේ. නැතිව කොළඹ ඉදලා ටයි කෝට් ගහගෙන යුද්ධය විකුණගෙන කාපු අය නොවෙයි.
ඊයේ එයාම කියනවා යුධ හමුදාපති තමයි යුද්ධ කළේ කියලා. තව ප්‍රශ්නයක් අහනවා. එතකොට කියනවා ඇයි මේ මගෙන් ම අහන්නේ තව කට්ටිය ඉන්නවා ඒ අයගෙනුත් අහන්න කියලා. ආර්ථිකය ඇහුවාම ඒක දන්නෙත් නැහැ. මේ රටේ ආරක්ෂාව ගැන ඇහුවාම ඒක දන්නෙත් නැහැ. මේ රටේ පරිසරය ගැන ඇහුවාම ඒක දන්නෙත් නැහැ. මේ කිසිම විෂයක් ගැන දන්නේ නැතිව එයා තමයි ජනාධිපති කියනවා. මේ වගේ අය ද ජනාධිපති කරන්න ඕන. මෙයා අඳගොලු බිහිරි පාසලකට හොඳයි. ගම් සභාවක වාඩිවෙලා නැහැ. පළාත් සභාවක ඉදලා නැහැ. පාර්ලිමේන්තුවේ දවසකටවත් වාඩි වෙලා නැහැ. රාජ්‍ය පරිපාලනය ගැන නොදන්න කෙනෙක් තමයි ගෝඨා කියන්නේ.
නගර අලංකාරණය කලාලු රණවිරුවන් ගෙනල්ලා කාණු සුද්ද කලා, තණ පිඩලි ඇල්ලුවා. තැන තැන කුණු ගෙනිහින් කුණු ගොඩක් ගැහුවා. කිසිම සැලැස්මක් නැතිව. ඒකෙන් ජනතාව මිය ගියා. මේක තමයි එයාගේ නගර අලංකරණය. මේ රටත් නාය යනවා මෙයා ආවොත්. ඒ වගේම තමයි දැන් බලන්න ගෝඨාභයගේ නඩු අහන්නේ නැහැ. කල් දානවා. මොකද කියලා ඔබතුමාලා දන්නවානේ. මෙයා එක එක දේවල් කිය කිය රට යනවා. මොකෙන් නැතත් ස්වභාව ධර්මයෙන් මොවුන් කරපු දේවල්වලට මොවුන්ට පරිසන් දෙනවා. ඒ වගේම මම මේ ඉන්න මාධ්‍යවේදීන්ට අභියෝගයක් කරනවා. පුළුවන් නම් ගෝඨාභයගේ කාටුන් එකක් ඇදලා පෙන්වන්න. බැරි නම් මම ඇදලා දෙන්නම් පළ කරන්න. කරන්නේ නෑ. මොකද එහෙම කළොත් 17 වැරදිලා හරි ආවොත් කියලා මෙයාලට තියෙන බය නිසා. ඒක තමයි ගෝඨාභය කියන්නේ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.