වේයන්ගොඩ වඳුරව දුම්රිය හරස් මාර්ගයේදී කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම යතුරු පැදියේ ගමන් ගත් පියා හා දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 42ක් වන පියා හා අවුරුදු 11ක් දියණියයි. ඔවුන් ජා ඇල් පදිංචිකරුවන් වන අතර වේයන්ගොඩ ප්ර දේශයේ දානයකට සහභාගී වී නැවත සිය දියණිය පාසල වෙත රැගෙන යන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
අද (15දා) පෙ.ව. 6.45ට පමණ මෙම අනතුර සිදුව තිබේ. මෘත ශරීර වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිස් මූලස්ථානය පවසයි.