හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාගේ මීගොඩ ප්‍රෙද්ශයේ පිහිටි නිවසට අද (24) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.
ප්‍රහාරයෙන් මන්ත්‍රිවරයාගේ මෝටර් රථයට, යතුරුපැදියට හා නිවසේ ඉදිරිපස ජනෙල් තුනකට හානි සිදුව ඇතැයි පැවසේ.
අද අලුයම 2.30 පමණ නිවස ඉදිරිපිටින් කිසියම් ශබ්දයක් ඇසි මන්ත්‍රීවරයා නිවස ඉදිරිපිටට පැමිණ බැලිමේදි ප්‍රහාරය සිදු කළ තිදෙනෙකු යතුරුපැදි තුනකින් පළායනු දක්නට ලැබි ඇතැයි මන්ත්‍රීවරයා සිදු කළ පැමිණිල්ලේ සඳහන්ය.
මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.