Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 29 වන සිකුරාදා
2024 මාර්තු මස 29 වන සිකුරාදා
පාස්කු ඉරිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වගකීම රජය භාරගත යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ නව වසර උදෙසා විපක්ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව අද (22දා) එහි පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් නොවන බවට එහිදී පැවසූ විපක්ෂනායකවරයා, ජනතාවගේ ආරක්ෂාව වහාම තහවුරු කළ යුතු බවත්, ඒ සඳහා විපක්ෂයේ සියලු සහයෝගයන් ලබා දෙනු ලබන බවත් පැවසීය.
එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මේ පිළිබඳ රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ අපි සෑහීමකට පත්වෙන්නෙනෑ. මොකද මේ ගැන අපට දන්වලා තිබුණා ලිපියකින්. ඒ ගැන ජනතාව දැනුවත් වුණානම් මෙතරම් සංඛ්‍යාවක් මිය යන්නට සිදු වෙන්නේ නෑ. හැබැයි අපි මේ වෙලාවේ එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන්නේ නෑ. ඒක හොඳත් නෑ. රටක් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ගවලදී අපි විපක්ෂයක් ලෙස සහයෝගය දිය යුතුයි.
ඒ යුතුකම් අපි ඉටු කරනවා. මේක ජාතික ප්‍රශ්නයක්. මේක රටේ ප්‍රශ්නයක්. අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරලා අවුරුදු 10ක් යන්න කලින් මේ තත්ත්වය ඇතිවීම ඉතාම කනගාටුදායකයි. පොලිස්පතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලු දෙනාට මම මේ චෝදනාව ඊයේ ඉදිරිපත් කළා.
ඊළඟට මේ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්තාම ඒ අය කොහොමද රිලීස් වුණේ.90 දෙනෙකුගේ ලැයිස්තුවක් පොලීසියේ තියෙනවා ප්‍රසිද්ධියේ මේකට සම්බන්ධයි කියලා සැකකරන. ඇයි අනිත් අයවත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ. ක්‍රියාත්මක වෙනකොටම කොහෙන්හරි බලපෑමක් ඇවිල්ලා නැවතුණා. ඒක තමයි ඇත්ත. අන්න ඒ හේතුවත් එක්ක තමයි ආණ්ඩුව වගකීම භාර ගන්න ඕන කියන්නෙ.
රජය වගකීම භාර ගන්න ඕන. වහාම ජනතාවට ආරක්ෂාව ලබා දෙන්න ඕන. ඒ වගේම අපි මේ අයට නැවත කියනවා මේ සිද්ධිය සම්බන්ධ කටයුතුවලදී අපි අපේ සහයෝගය ලබා දෙනවා" යැයිද පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදය පහතින් වේ.
මාධ්‍ය- ඔබතුමාගේ නායකත්වයේ අවශ්‍යතාවක් ගැන කියවෙනවා. ඔබතුමාට ඒ සඳහා අවස්ථාවක් තියෙනවද?
මහින්ද රාජපක්ෂ මහතා- නායකත්වය දෙන එක ජනතාවගේ අතේ තමයි තියෙන්නේ. ඒකට ඉස්සෙල්ලා මැතිවරණ තියන්න එපායැ. අද වෙනකොට ප්‍රශ්නේ මැතිවරණ තියන්නේ නැති එකනේ. මැතිවරණයක් පිළිබඳ සේයාවක්වත් නෑනේ. ජනතාවට අවශ්‍ය නායකයෙක් පත්කර ගැනීමේ අවශ්‍යතාව අද උදාවෙලා තියෙන බවයි පැහැදිලිව පෙනෙන්නෙ.
මාධ්‍ය- උද්ගතවූ තත්ත්වයට බුද්ධි අංශ වගකිව යුතුයැයි ඇතැමුන් කියනවා?
මහින්ද රාජපක්ෂ මහතා- දැන් මේ ලිපිය ආවේ බුද්ධි අංශයේ වාර්තාත් එක්කනේ. එතකොට බුද්ධි අංශයේ භාගයක්ම ඉන්නේ හිරේනේ. ඊයේ මම කට්ටියට කිව්වා ඉතිරි ටිකත් හිරේ දැම්මම හොඳට තියෙයි කියලා.හැබැයි බුද්ධි අංශයෙන් මේ වාර්තාව එවලා තියෙනවා, ඉන්න ඩිංගෙන් හරි. ඉතිං ඒ වාර්තාව අනුව ක්‍රියාත්මක නොවීමයි ප්රශ්නය. යුතුකමක් තිබුණා රජයට මේ ගැන ජනතාවට ගෙනියන්න. මේ ඡන්දයක් නිසා යම්යම් දේවල් ක්‍රියාත්මක නොකරන්න පොලීසියට ඉඩ නොදීම මම හිතනවා මේකට එක හේතුවක් කියලා.
මාධ්‍ය- මේ සිද්ධියේදීරජය මේකට වගකියන්න ඕන කියලා ඔබතුමාලා හිතනවාද?
මහින්ද රාජපක්ෂ මහතා- පැහැදිලිවම. අපි මුල ඉඳලාම කිවුවානේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. එයාලා කිවුවානේ නෑ කියලා. අනිත් එක මතක තියා ගන්න යුද්ධෙ කාලේ කවදාවත් ඇඳිරි නීතියක් දැම්මේ නෑ, ගාමිණී දිසානායක මියගිය දවසේ තමයි එක දවසකට ඇඳිරි නීතිය දැම්මේ. ක්‍රමවේදයක් තියෙන්න එපායෑ. අවශ්‍ය තැන්වලට විතරක් දාලා යම් වැඩපිළිවෙළක් කරන්න තිබුණා.
මාධ්‍ය- සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා ජනාධිපතිවරයාගේත්, අග්‍රාමාත්‍යවරයාගේත් අතර පවතින ගැටලු මේ තත්ත්වයට හේතු වන්නට ඇති කියලා?
මහින්ද රාජපක්ෂ මහතා- ඒ දෙන්නාගේ ගැටුම ගැන මම දන්නවාට වඩා ඔයාලා දන්නවා තියෙනවාද නැද්ද කියලා. ක්‍රියාකලාප ගැනත් දන්නවා. ඒක අද රටේ සියලුම දෙනා දන්නාවූ රහසක්.
මාධ්‍ය- සාමාන්‍යයෙන් මෙවැනි දෙයකදී වගකිව යුතු අය ඉල්ලා අස්වෙනවා?
මහින්ද රාජපක්ෂ මහතා- ආණ්ඩුව ඉතින් ඉල්ලා අස්වෙයි මං හිතන්නේ.
මාධ්‍ය- අගමැතිතුමා මේ සම්බන්ධයෙන් දැනුවත් වී නැතැයි කිවුවා?
මහින්ද රාජපක්ෂ මහතා- ඒක ඉතින් අපේ වරදක්ද? එයාලාගේ ආණ්ඩුවනේ. පොලිස්පති එයාලගේනේ උඩ පැනලා පත්කළේ.
මාධ්‍ය- ඔබතුමාලා විපක්ෂය විදියට ආරක්ෂක අංශ දැනුවත්ව සිටියානම් සමහරවිට ඔබතුමාලාත් මේ ගැන දැනුවත්ව සිටින්න ඇති?
මහින්ද රාජපක්ෂ මහතා- ඒක තමයි මම මුලින් කිවුවේ. ලොක්කා තනියම වැඩ කළා. අපට කිවුවේ නෑ.
මාධ්‍ය- ඒ කියන්නේ ඔබතුමාගේ ආරක්ෂක?
මහින්ද රාජපක්ෂ මහතා- මං මේක දන්නවානම් මම නිකන් ඇවිද ඇවිද ඉන්නවාද පාරේ. පල්ලි, පන්සල්, කෝවිල් ගියා. මේ ආණ්ඩුව තුළ කිසිම විශ්වාසයක් ඇති වෙන්නේ නෑ.
මාධ්‍ය- බලපෑම් කරනවා කියලා ඔබතුමාලා කිවුවා. කවුද ඒ?
මහින්ද රාජපක්ෂ මහතා- ආණ්ඩුවෙන් අහන්න.
මාධ්‍ය- ආණ්ඩුව කියන්නේ ඔබතුමාලගේ ජනාධිපතිතුමානේ ඉන්නේ?
මහින්ද රාජපක්ෂ මහතා- මම එයා එක්ක තරග කළ මනුස්සයානේ. ඇයි දැන් ඔයාලා අපි දෙන්නාව එකතු කරන්න හදන්නේ?
popular news
Kumar Monday, 22 April 2019 09:09 PM
ඔබතුමා කලින් සිටි ජනාධිපතිතුමෙක් නිසා මේ ගැන දැනගන්නට ලබුනනේද? ඒ විතරක් නොවේ අපට ලැබුන තොරතුරු අනුව ඔබතුමාගේ සහෝදරයත් දැනගෙන සිටිය වගයි. මහජනයා බේරාගැනීමට ඉදරිපත් නොවුනේ මොනහෙතුවක් නිසාද යන්න අපට කියනවාද.
Reply : 0 0
chathuri Tuesday, 23 April 2019 12:52 AM
ඔයාට බාරගන්න කියනවද ,. එහෙම. කොහොමද . බලයකුත්. නැතුව. නේද. . f
Reply : 0 0
ranjith Tuesday, 23 April 2019 04:59 AM
රාජ්‍ය නායකයා එතුලු මේ ආණ්ඩුව කාටවත් මේ වගකීමෙන් ගෙලවෙන්න බේ විපක්ෂයේ අයත් මහජන මුදලින් නේද නඩත්තු වෙන්නේ එතකොට කෝ ඔයාලගේ වගවීම
Reply : 0 0
Duminda Tuesday, 23 April 2019 06:51 AM
Photo walata munadaganna message than wala issellama ringanne nathiwa, awashya pahasuka pilibadawa durakathana margin soya balance. Kochchikade palliya laga thubuna wage van ekaka hair thubuna keep its ringana welawata pipuruwanam bariwelawath???? Rate Mona wage thathwayak athiweyida??? Buddimath wanna. Rate gana so thanks. Janathawa haha so thanks.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd