මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අවධාරණය කලේ පවතින අවදානම්කාරී සෞඛ්‍ය වාතාවරණය මත මහමැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බවයි.
එසේ නොකළහොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවධානමක් ඇතිවන බවත්, ඊට අමතරව මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් කල හැකි බව ඒ මහතාගේ අදහසයි.
අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම අනිවාර්ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා පෙන්වා දෙයි. එම සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ සෞඛ්‍ය අංශ, සහ බලධාරීන් පමණක් නොව ජනාධිපතිවරයා පවා එකඟතාව පළ කර තිබුනද ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන තත්ත්වයක් දක්නට නොලැබේ. මෙවැනි තත්ත්වයක් මත ගෙන් ගෙට යාමේදී සහ ජනහමු පැවැත්වීම ආදි කටයුතු වලදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරිමින් බොහෝ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
මේ වනවිට කොරෝනා වසංගතය යලි හිස එසවීමේ අවධානමක් ද මතුව ඇති අතර මේ නිසා තවදුරටත් කල් නොදමා වහාම අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කළ යුතු බව කැෆේ විධායක අධ්යක්ෂවරයා අවධාරණය කරයි.