තම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
“ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ප්රජාතන්ත්රවාදී ඡන්ද වමිසීම් හරය ශක්තිමත් වන්නේ ඡන්ද විමසීමේ නීති ශක්තිමත් වන්නේ නම් පමණි. ඒ සඳහා ඔබතුමා කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඡන්දවිමසීම් වල විශ්වනීයත්වය රඳා පවතින්නේ රටතුළ ප්රජාතන්ත්රවාදය තවහවුරු වුණොත් පමණි.
ප්රජාතන්ත්රවාදී සමාජය පවත්වාගෙන යෑම ඔබතුමා වෙත පැවැරෙන වගකීමක් වුණත් එය ඔබ තුමාගේ තනි වගකිමක් නෙවෙයි. එයට දේශපාල පක්ෂ, ක්‍රියාකරුවන් හා ජනතාවගේ සහාය අවශ්‍යයි.
ඒ සඳහා සියලු දෙනාම මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ජනපති ලෙස තේරී පත්වූ ඔබතුමා අපේ රටේ නාමයෙන් දැක්වෙන ප්රජාතන්ත්රවාදී රටක් බවට පත්කර ගැනීමට රට මෙහෙයවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන කරුණු ඉටු කිරීම සඳහා දේශපාලන ක්‍රියාවලියේ නිරත වෙනු ඇතැයි අපේක්ෂා කරමු."