පසුගිය කාලයේ පැවැති දේශපාලන සංස්කෘතියට ජනතාව විශාල පිළිකුලක් දැක්වූ බවත් එයින් ඉවත් විය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අද (22දා) කොළඹ ජනපති මන්දිරයේදී කැබිනට් මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"පසුගිය කාලයෙදී පවතින දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාල පිළිකුළක් දැක්වූවා.
අපි එයින් ඉවත්වෙලා ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි.
මේ කාලය තුළ අපි අපේ උපරිම හැකියාව යොදවා අපි පොරොන්දුවුණ කරුණු ක්රියාත්මක කිරීමට ඔබගේ සහාය බලාපොරොත්තු වෙනවා."