Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 29 වන සිකුරාදා
2024 මාර්තු මස 29 වන සිකුරාදා
අතීතයේදී ත්‍රිකුණාමලය වරායේ සිට පොලොන්නරුවට නැව් පැමිණි යුගයක් තිබුණ බවත් ශ්‍රී ලංකාවේ පැරණි තාක්ෂණය පසුකර යෑමට ලෝකයට තවමත් නොහැකි වී ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (18දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේ පැවැති තරුණ නිපුණතා වැඩසටහට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපිට තවමත් මේ අධි තාක්ෂණික ලෝකයේ මීට අවුරුදු 1000කට 1500කට එහා මේ රටේ තිබුණ පුරාණ තාක්ෂණයට එහා යන්න අපිට පුළුවන් වෙලා නෑ.
පොලොන්නරුව නගරය ආසන්නයට ත්‍රිකුණාමලය වරායෙන් නැව් ආපු යුගයක් තිබුණා.
මහා පරාක්‍රමබාහු රජතුමා රටවල් ඇල්ලුවේ පොලොන්නරුවෙන් යුද නැව්වලට නැගලා ත්‍රිකුණාමලයෙන් පිටවෙලා ගිහිල්ලා.
පැරණි වාරි තාක්ෂණය, පැරණි කෘෂි තාක්ෂණය, පුරා විද්‍යා තාක්ෂණය ගැන කථා කළොත් අපි ජාතිකයක් ලෙස සතුටුවෙන්න ඕන තාමත් අපිව පහු කරලා නෑ ලෝකය.”
popular news
bandara Thursday, 18 July 2019 12:17 PM
අපේ තිබුණු දේ රැකගන්න කිසිම නායකයෙක් කටයුතු කරල නෑ 1948න් පස්සේ. නිදහස ලැබෙනකොට අපි දෙවෙනි උනේ ජපානෙට පමණයි. දැන් අපිට පස්සෙන් වෙන ආසියාවේ රටවල් නෑ. ඔන්න අපේ ලොක්කන්ගේ 70 වසරක කෙරුවාව. තාමත් ගහන්නේ බයිලා තමයි.
Reply : 0 12
Champa Thursday, 18 July 2019 03:54 PM
බුදු හාමුදුරුවෝ පලවෙනි වරට ලංකාවට වැඩම කල වෙලාවේ ගෝකන්න වරායට වැඩම කළා කියල ඉතිහාසය කියනව. 7 BC කාලේ ඉඳන් නැගෙනහිර සහ බටහිර යා කරන වෙළඳ මාර්ගයේ මේ ගෝකන්න වරාය ලකුණු කරලා තිබිල තියෙනවා. ලංකාවේ උතුර ආක්‍රමණය කරපු මුහුදු මංකොල්ලකාරය ආර්ය චක්‍රවර්ති කියල රජ වුනාට පස්සේ තමයි ගෝකන්න වරාය, තිරිකුනාමලෙයි කියල නම වෙනස් කලේ. 11 වෙනි ශතවර්ෂේ රාජේන්ද්‍ර චෝල ආක්‍රමණිකය ගෝකන්න වරායෙන් ඇවිල්ල ඒ පැත්ත අල්ලාගෙන පොලොන්නරුව දක්වා තමන්ගේ වපසරිය වැඩි කරගත්තට පස්සේ 11 වෙනි ශත වර්ෂේම රාජේන්ද්‍ර චෝල පරාජය කරලා ගෝකන්න වරාය අරගෙන ඒක නැවත වෙළඳ වරායක් විදිහට පත් කලේ පලවෙනි විජයබාහු රජ්ජුරුවෝ. මේක ලියන කොට හිතුනේ හරියට බැලුවොත් සිංහල බෞද්ධ අපේ ඉතිහාසයේ හොඳම හරිය තියෙන්නේ උතුරු නැගෙනහිර. අපේ ඉපැරණි සිංහල නම් වෙනස් කරලා දකුණු ඉන්දියානු ආක්රමණිකයෝ දෙමල නම් දමා ගත්ත. අපි මොකොට තවත් මේ නම් තියාගෙන ඉන්නවද? අපි නැවත උතුරු නැගෙනහිර පැරණි සිංහල නම් ප්‍රතිෂ්ඨාපනය කරන්න ඕනේ. කොන්දක් තියෙන මිනිහෙක් ලංකාවේ ඊළඟ ජනාධිපති වුනොත් හොඳයි. මෙතෙක් හිටපු සිංහල නායකයන් කිසි කෙනෙක් මේ වැඩේට අත තිබ්බේ නැහැ. බයගුල්ලෝ.
Reply : 0 13
Kumar Saturday, 20 July 2019 07:08 AM
ඔය පරණ අබිමානය ගැන කිය කියා සිටියට ලංකාව දියුණු කරන්න බැහැ. පොලොන්නරුව ගැන ලොකුවට කතා කරන කෙනාගේ කට්ටිය එන්න ඇත්තේ කගලු දිස්තිරික්කයෙන් DS ට පින්සිද්දවෙන්න. පරාක්‍රමබාහු රජතුමා මේ ලංකාවේ ලොක්ක වගේ මසකට වතාවක් දේශ සංචාරයක ගිය කතාවක් කොහෙවත් ලියවිලා නැහැනෙ
Reply : 0 17
upul Friday, 26 July 2019 09:21 AM
ඒ කාලෙ නැව් වල රෝද හයිකරලාද තිබුණෙ
Reply : 0 1
Kumar Sunday, 28 July 2019 07:56 PM
උපුල්, ඔය කියන්නෙ අර පරණ නැව්වල දෙපැත්තේ තිබුන ලොකු රෝද දෙකටද?
Reply : 0 0
චන්දන Sunday, 28 July 2019 06:21 PM
ඔය කියන ගංගාවල් හැම එකකම වැලි හාරමින් කෝටිපතියන් වීමට දරන ලද උත්සාහය නිසා ඔක්කොම වරායවල් ඉවර වෙලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd