නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදි කරන ලද නුවරඑළිය දිස්ත්‍රික් මුලික මහ රෝහල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (15) ජනතා අයිතියට පත් කෙරිණ.
අක්කර 16 භුමි භාගයක ඉදි කර ඇති මෙම අංග සම්පුර්ණ රෝහල ඇදන් 600කින් සමන්විත වාට්ටු සංකිර්ණයක්, නවින තාක්ෂණයෙන් යුතු ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකකයක්, බාහිර රෝගි ඒකකයක් , ඖෂධාගාරයක් ,රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක් සහිතව අංග සම්පුර්ණව ඉදි කර ඇති මෙම රෝහල සඳහා නෙදර්ලන්ත රජය රු. බිලියන 7 ප්‍රතිපාදන ලබා දි තිබේ.
2012 වසරේ නුවරඑළිය මහ නගර සභාවේ හිටපු පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතාගේ ඉල්ලිමක් මත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට සෞඛ්‍ය අමාත්‍ය වශයෙන් කටයුතු කළ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන යන මහතුන් විසින් රෝහලේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කර ඇත.
අභිනවයෙන් ඉදි කරන ලද රෝහල ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට සෞඛ්‍ය සහ දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය නවින් දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහ නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තනාපති ජොන් ඩුර්නේවාඩ් මහත්මිය නුවරඑළිය මහ නගර සභාවේ වත්මන් පුරපති චන්දනලාල් කරුණාරත්න මහතා , සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරින් රැසක් සහ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ.