නුවරඑළිය, හාවාඑළිය මහින්ද මාවතේ ඇලක තිබියදී ඩෙටනේටර් 198ක් අද (25) සොයා ගත්බව නුවරඑළිය පොලීසිය පවසයි.
සහල් අසුරන බෑගයක දමා තිබු මෙම ඩෙටනේටර් තොගය නගර සභාවේ කම්කරු කාන්තාවකට පළමුව හමුව ඇති අතර ඇය සුරයයි සිතා ඒවා පරණ යකඩ බඩු කඩයට විකිණීම සඳහා එකතු කරමින් සිටියදී තවත් දෙදෙනෙක් දැක මේ බව පොලීසියට පවසා තිබේ.
පසුව නුවරඑළිය පොලීසියේ නිලධාරීන් හා නුවරඑළිය යුධහමුදා කඳවුරේ නිලධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදි ඒවා ඩෙටනේටර් බවට හඳුනාගෙන ඇත.
මෙම ඩෙටනේටර් තොගය මෙම ස්ථානයට කිසියම් පුද්ගලයෙකු හෝ කීපදෙනෙකු විසින් ගෙනත් දමන්නට ඇති බවත් ඔවුන් නීතියේ රැහනට හසුකර ගැනීමට විශේෂ පරික්ෂණයක්පොලීසිය හා යුධහමුදාව එකතුව සිදු කරමින් පවති.