ඉදිරි දින කිහිපයේදී දැනට පවතින වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2න් පමණ පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 100ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.