දෙහිවල සත්වෝද්‍යානයේ සිට හොරොයින් ජාවාරම් කළ බව කියන එම සත්වෝද්‍යානයේ සේවකයෙක් ඇතුළු සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම සැකකරුවන් සන්තකයේ තිබී සමස්ත හොරොයින් ග්‍රෑම් 683ක්, රුපියල් ලක්ෂ 20කට අධික මුදල්, නවීන පිස්තෝලයක් හා මෝටර් රථයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම මෙම සැකකරුවන් දැනට වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත සැකකරුවෙක් මගින් මෙහෙයවා ඇති බවටද විශේෂ කාර්ය බළකාය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.