ත්රස්තවාදීන්ගේ දෙවැනි ප්රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවත් සඳහන් අත්පත්රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය බව කියන පනස්හතර හැවිරිදි වියේ පුද්ගලයෙක් 25දා සවස රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
රත්නපුර කැටලියන්පල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් වූ මෙම තැනැත්තා වොලිබෝල් ක්රීඩාවට සම්බන්ධ පුද්ගලයෙක් බව ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් තැනැත්තා විසින් බෙදා හරින ලද අත්පත්රිකාවල අඩංගු කරුණු සම්බන්ධයෙන් ප්රශ්න කරගෙන යන බව ද පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට පත් තැනැත්තා මෙම පත්රිකාවෙන් පෙන්වා දෙන කරුණු ඔහුට දැනගැනීමට ලැබුණු ආකාරය ගැන පොලීසියේ අවධානය යොමුව තිබේ.
අජිතලාල් ශාන්ත උදය