විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .
ඇය කුඹුක්වැව , නිකගොල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
ඇය අද දින අලුයම 4.15 ට ඩුබායි සිට පැමිණි එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් ජී - 90507 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටියාය .
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 22,51,200 ක් වටිනා දුම්වැටි 37,520 ක් අඩංගු , දුම්වැටි කාටූන් 126 ක් සහ පැකට් 616 ක් සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අ අඩංගුවට ගෙන තිබුණි .