Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
වත්මන් ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන්ව රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තිබෙන්නේ ත්‍රස්තවාදී උවදුරක් පවතින වෙලාවක ත්රස්තවාදීන්ට විරුද්ධව යෙදවීමට පමණක් බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ 2009 මැයි 19 වෙනිදා කොටිත්රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විජේරාම නිල නිවසේදීඅද (19දා) පැවැති විශේෂ දේශනයකදීය.
“ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ අතින් යම් වැරැද්දක් සිදුවෙලා තියෙනවා නම් ඒක විභාග වෙන්න ඕනෙ සාමාන්‍ය නීතිය යටතේයි. මේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ සඳහා භාවිත කළේ සිතා මතාම සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව පාවිච්චි කළේ මුලු ත්‍රිවිධ හමුදාවම මානසිකව වට්ටන්න. මෙතන ක්‍රියාත්මක වුණේ ලංකාව සම්පූර්ණයෙන්ම නැති භංගස්තාන කිරීමේ අංගසම්පූර්ණ වැඩ පිළිවෙලක්.”
popular news
Duminda Sunday, 19 May 2019 03:43 PM
කලින් හිටපු ජනාධිපති කෙනෙකුට හමුදාපති සරත් ෆොන්දෙකට දඩුවම් කරන්න ඕක ගත්ත එක ගැන ඔබතුමාට කියන්න තියෙන්නේ මොකක්ද?
Reply : 0 58
චමින්ද Sunday, 19 May 2019 06:52 PM
අතිගරු විපක්ෂ නායක තුමනි.ඔබතුමාගේ හා හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස්මත අවුරුදු 30 ක් පැවති යුද්ධය නිමාකලේ හිටපු හමුදාපති ෆොන්සේකා මහතාය.ඔහු ඔහුගේ බෑනාගේ සමාගමකින් යුධායුධ ගත්තාකියා ඇදගෙනගොස් නඩු ඇසුවේ සමාන්‍ය නීතිය යටතේද.නැහැනේද.එහිදී යුද්ධාධිකරණයත් අධිකරණයක්ලෙස පිළිගැනීමකුත් කලානේද ඔබතුමා දැන් කියන දෙයත් බලයේ සිටිකාලයේ කල දෙයත් වෙනස්වුනේ කොහොමද කියා පහදා දෙන්න
Reply : 0 37
Kumar Sunday, 19 May 2019 07:30 PM
ඔබතුමා කියන්නේ ඔය කියන නීති බුද්ධි අංශයේ නිලධාරීන්ට බලපාන්නෙ නැහැ කියලද? ඔබතුමාගේ කලේ සිදුවුන අකටයුතු මහජනයාට අමතවෙලද කියල හිතවාද?
Reply : 0 26
Champa Sunday, 19 May 2019 11:15 PM
එහෙම කොහොමද? ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතින් යම් වැරැද්දක් වෙලා නම්? එහෙම කොහොමද යම් වැරදි වෙන්නේ? පත්තරකාරයෝ මරන්න එවුන්ට ගහන්න ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මොකක්ද තියෙන අමාරුව? ත්‍රිවිධ හමුදාවට උඩින් ඉන්නේ දේශපාලන නායකයෝ. ත්‍රිවිධ හමුදාව වැරදි කළා කියල ඔබ කියනව නම් ඒ කරලා තියෙන්නේ උඩින් දීපු නියෝග අනුව. වහල් ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කලේ ඔවුන්ව සීමාවක් නැතුව හිරේ තියාගන්න පුළුවන් වෙන්න. මරණ දඬුවම නියම වෙලා ඉන්න සියලු හමුදා නිලධාරීන් වගේම සිරගත වෙලා ඉන්න සියලු හමුදා නිලධාරීන්වත් කොන්දේසි විරහිතව නිදහස් කරලා ඔවුන්ට වන්දිත් ගෙවන්න ඕනේ වහල් ආණ්ඩුව ගෙදර ගිය දවසට.
Reply : 0 91
chathuri Monday, 20 May 2019 02:52 AM
හරියට ජනතාවට වෙන්කරපු. මුදල්. වලින්. පුතාලා ටික. ලජ්ජා. නැතිව. දෙමව්පියන්ගේ. සොහොන හැදුව වගේ. ඊට. වැඩිය. හොඳයි. හිගා කෑවනම් , සරත්. පොන්සේකා හිරේ. දැම්මේ. මොන පනතින්ද . තමන්ට. බලය. තියෙන කොට කරන. වැරදි. පෙන්නලා. දෙනකොට. වැරදි හදා ගත්තද . දැන් අනිත් අයගේ. වැරදි කියනවා. ,මුන්. සේරම. එකයි
Reply : 0 40
Champa Monday, 20 May 2019 02:53 PM
ඔබට අමතක වෙලා විපක්ෂනායක තුමා. යුරෝපා සංගමය ලව්වා කොටි සංවිධානය තහනම් කලේ ඇමරිකාවේ උදව්වෙන් නෙමෙයි. ඒ කාලේ හිටපු විදේශ ලේකම් (ඔබ පත් කල කෙනෙක් නෙමෙයි ඔහු එතන තිබ්බ ජෙෂ්ඨත්වය අනුව පත් වෙච්ච කෙනෙක්) ඒ කාලේ විදේශ ලේකම් වෙලා හිටියේ ලංකාවේ දක්ෂතම පරිණත නිලධාරියෙක්. ඔහු හොඳ rapport එකක් තියන් හිටිය ලංකාවේ සිටි විදේශ තානාපතිවරු සහ වෙනත් රටවල විදේශ ලේකම්වරු එක්ක. යුරෝපා සංගමය ලව්වා කොටි සංවිධානය තහනම් කරන්න පුළුවන් වුනේ තනිකරම ඒ විදේශ ලේකම්ගේ දක්ෂකම සහ connections මත. ඒ විතරක් නෙමෙයි ඔහු UN එකත් එක්කත් හොඳ සම්බන්ධ කමක් තිබ්බ ඔබේ ආණ්ඩුවට විරුද්ධව 2006දි රටවල් ගණනාවක් එකතු වෙලා බරපතල Resolution එකක් ගෙන්න සැලසුම් කළා. ඒක දැන ගත්තම ඒ විදේශ ලේකම් ඒ කාලේ යුරෝපයේ සහ වෙනත් තෝර ගත්ත රටවල අපේ තානාපතිවරු ලව්වා සහ ලංකාවේ විදේශ තානාපතිවරුනට සහ NAM සහ Commonwealth රටවලට කතා කරලා, ඒ Resolution එක ගේන්න දෙන්නේ නැතුව නතර කළා. ඒක ගේනවා නම් ඔබට කවදාවත් යුද්ධ කරන්න හම්බ වෙන්න නැහැ. හැබැයි ඔබ ඒ විදේශ ලේකම්ට මොකොද කලේ. ඔබ සේවා දිගුවක්වත් දෙන්නේ නැතුව ඔහුව ගෙදර යැව්වා. අඩු ගානේ අන්තිමට දෙන තානාපතිකමවත් දුන්නේ නෑ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd