රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන බවත් තවත් එක් අවස්ථාවකට පමණක් හදිසි නීතිය දිගු කිරීමට සිදුවිය හැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“රටේ ආරක්ෂක තත්වය ගැන මම සෑහීමකට පත්වෙනවා. ප්‍රහාරයට සම්බන්ධ අය විනාශ වෙලා තිබෙනවා. අනිත් අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරීක්ෂණ කරන විට අහුමුලු කෑලි අහුවෙනවා.
මුල් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමහර අය මැරුණා. මම සෑහීමකට පත්වෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන්.
හදිසි නීතිය දීර්ඝ කරන්නේ අත්අඩංගුවේ ඉන්න අය රඳවා ගැනීමට හදිසි නීතිය බලපාන නිසයි. තානාපති කාර්යාල කියනවා ඒ අයගේ නිවාසවලට කාර්යාලවලට ආරක්ෂාව දෙන්න කියලා.
ඒ එක්කම ඒ අය කියනවා අපිට හමුදාව දෙන්න කියලා. හැබැයි හදිසි නීතිය නැතිව කිසිම දේකට හමුදාව එළියට බස්සන්න බෑ.
අලුතින් හදන නීති තවම හදලා ඉවර නෑ. නීතිවිරෝධි සංවිධාන තහනම් කිරිම, ඇඳුම් සම්බන්ධයෙන් ඒවා නීතිගත කරන්න ඕන. ඒවා ඉදිරි සතිවලදී පාර්ලිමේන්තුවට දාලා සම්මත කරනකම්, මූලික පරීක්ෂණ ඉවර වෙනකම් හා ත්‍රිවිධ හමුදාව සක්‍රීය සේවයේ යෙදවීමට හදිසි නීතිය අවශ්‍ය වෙනවා. මම හිතනවා තව එක්වරකට පමණක් හදිසි නීතිය දීර්ඝ කරන්න වෙයි කියලා."