තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 334ක් හා උසස් අධ්‍යාපන හා අනෙකුත් ක්ෂේත්‍ර නියෝජනය කරමින් මන්ත්‍රිවරු 22ක්ද අතුළුව මන්ත්‍රීවරුන් 356ක් තෝරා ගැනිම වෙනුවෙන් තරුණ පාර්ලිමේන්තු මැතිවරණය පෙබරවාරි 14 දා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර තරුණ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 5 වැනි අවස්ථාවටය.
මෙවර තරුණ පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකාවේ අවුරුදු 18-19ත් අතර සියලු තරුණ තරුණියන්ට විවෘත කර ඇති අතර ඡන්දය පැවැත්වෙන්නේ ඉලෙක්ට්‍රොනික ක්රමයටය.
ඡන්ද අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම පෙබරවාරි 07 දා 08 දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකෙර්.