ඉදිරි දින කිහිපයේදී දිවයිනේ (විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව හා දකුණු පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඉහත ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිව බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.