ඩුබායි හි නිෂ්පාදිත වර්ග දෙකකට අයත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (14) දින සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු කුරුණෑගල , රිදීගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඊයේ දින සවස 6.30 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගෙන ආ ගමන් මලු වල රුපියල් 1,386,000 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,720 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරී සේනක ඇරැව්පොළ , සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.පී.එම්.ජේ. ජී.පතිරණ , එච්.යූ.අයි.පෙරේරා එච්.එම්.සී.යූ.ද .සිල්වා සහ ටී.ඩී.එන්.ටී.සමරනායක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්යක්ෂ ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ඊ.එම්.ජේ. නවරත්න මහතා විසින් පවත්වමින් සිටී.
කටුනායක - ටි.කේ.පි කපිල