සමන්තුරය පොලිස් වසමේ සෙන්නල්ග්‍රාමය ප්‍රදේශයේදී සමන්තුරේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් සමග ජීව උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී මිලි මීටර් 5.5 ජීව උණ්ඩ 52ක්, මිලි මීටර් 7.5 ජීව උණ්ඩ 12ක්, කළු බෙහෙත් ග්‍රෑම් 600ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ 1. ග්‍රෑම් 40ක්, ගලවන ලද ඩෙටනේටර් කොටස් 01ක්, බදින තුවක්කු බට 01ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (23දා) සමන්තුරය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.