ආණ්ඩුව විසින් උතුරේ හමුදා කඳවුරු වේගයෙන් ඉවත් කරමින් සිටින බවට වාර්තා පළ කරන්නේ ආණ්ඩුවට විරුද්ධ කිහිප දෙනෙක් පමණක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ පොලොන්නරුවේදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
වර්තමානයේ රට තුළ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් වත්මන් රජයට හිමිව ඇති නොමද ජාත්‍යන්තර සහයෝගය තුළ එය වඩාත් තහවුරු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.