Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
එක්සත් ජාතික පක්ෂයේ සංවිධානාත්මක කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්විම් වලට රිංගා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට පැමිණි නායකයන් අපහසුතාවට පත් කරමින් ප්‍රසිද්ධියේ ‘හූ’ කීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් ඊට හසු නොවන්නැයි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ගෙන් අද (14) ඇඹිලිපිටියේ දී ඉල්ලා සිටියේය.
පසුගිය 12දා ඇහැළියගොඩ නගරයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාට ආධාර පිණිස පැවති රැස්විමේදි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමතිවරයෙක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙක් වූ ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා අපහසුතාවට පත්වන අයුරින් රැස්ව සිටි පිරිස අතරින් ‘හූ’ හඬ පැතිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
රැස්විමෙන් පසු මාධ්‍යවේදීන්ට තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සහාය දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින් ඉන්නේ කෝපයකින්. ඒ නිසා ඔවුන් අපි දෙගොල්ලෝ විරසක කරන්න කුමන්ත්‍රණය කරනවා. සෙනෙවිරත්න ඇමතිතුමා පොහොට්ටුව සමග එක්වුණේ මීට අවුරුදු එක හමාරකට කලින්. ඒදා මෙදාතුර පොහොට්ටුවේ රැස්විම් කීයකට එතුමා ආවද? ඒ එකකවත් මෙහෙම දෙයක් වුණේ නෑ.
මේක කුමන්ත්‍රණයක්. ඒ නිසා මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරින්ගෙන් ඉල්ලනවා මේ කුමන්ත්‍රණ වලට හසු වෙන්න එපා. මේ ක්‍රියාව කළේ රත්නපුරේ ජනතාව නෙවෙයි. ‘හූ’ කිව්ව අය රැස්විම් වලට ඇවිත් හිටියේ පිට ප්‍රදේශයකින්.
තොණ්ඩමන් ඇමතිතුමා දිගටම හිටියේ අපිත් එක්ක. දිගම්බරම් ඇමතිතුමා දෙමළ ජනතාවට උදවු කළේ නැති නිසා තොණ්ඩමන් ඇමතිතුමා ඉල්ලූවේ දෙමළ ජනතාවට උදවු කරන්න කියලා. එතුමා එදත් හිටියේ අපි එක්ක අදත් ඉන්නේ අපි එක්ක. එතුමට ඡන්ද ලක්ෂයකට වැඩිය තියනවා. කොන්දේසි විරහිතව තමයි කොණ්ඩමන් මහතා අපට උදවු කරන්න එකතුවෙලා ඉන්නේ.
ලංකාවට ගම්මිරිස් ගෙන්නලා ගම්මිරිස් වවන ජනතාව අගාධයට ඇඳදාපු ඇමතිවරයා ළඟ තියාගෙන සජිත් පේ‍්‍රමදාස මහතා කියනවා එයා ජනපති වුණොත් පිටරටින් ගම්මිරිස් ගෙන්වන්න ඉඩ දෙන්නේ නෑ කියලා. මේවා ඡන්දෙට දෙන සීනි බෝල. අවුරුදු පහට කරන්න බැරිවුණ දේ සජිත් කොහොම කරන්නද? දෙපාරක් ඡන්ද පොළට ඇවිල්ලත් ඒ අයට ඇල්පිටිය ඡන්දය දිනාගන්න බැරි වුණා. මම කැට තියලා කියනවා රත්නපුරේත් දෙපාරක් ඡන්ද පොළට ආවත් එක්සත් ජාතික පක්ෂයට දිනාගන්න බෑ කියලා.’ ජානක වකකුඹුර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
Champa Tuesday, 15 October 2019 06:27 AM
මේ මොනවාද කියන්නේ? 2015 කොහද හිටියේ? 2015 අගෝස්තු චන්දෙට ඉස්සෙල්ල තිබ්බ මහින්දගේ හැම රස්වීමකම නම් කියන කොටම මිනිස්සු හූ කිව්වා. වහල් ආණ්ඩුව එක්ක එකතු වුනේ ශ්‍රී ලංකා කාරයෝ. අඩුගානේ UPFA කොන්ද කෙලින් තිය ඉන්න තිබ්බ. වහල් ආණ්ඩුව බලයට ගෙනාපු කස කාරයෝ ඔක්කොම දැන් පොහොට්ටුවේ. තොන්ඩමන්ල දිගම්බරම්ලා ඒ කාලේ ඒ පැත්තේ මේ කාලේ මේ පැත්තේ කියන කතාව පිළිගන්න සිංහලයෝ ලැස්තියි නැහැ. තොන්ඩමන් නිකම් කැමති වුනේ නැහැ වෙනම විශ්විද්යාලයක් දෙන්න ගෝඨාභය කැමති වුන හින්ද මේ පැත්තට ආවලු. ෂරිය විශ්ව විද්‍යාලේ මදිවට දැන් වතු ඉන්දියන් විශ්ව විද්යලෙකුත්. ජාතීන් අනුව අධ්‍යාපන අවස්ථා වෙන් කරන එකම රට ලංකාව. මම 2015 පෙබරවාරි ඉඳන් වහල් ආණ්ඩුවට එරෙහිව ලියනවා. අපේ දේශපාලකයෝ කතා නොකරපු තැන් වලදී මම වහල් ආණ්ඩුවට එරෙහිව ලියල සමහර දේවල් වෙනස් කරවල තියෙනවා. දැන් පොහොට්ටුව නියෝජනය කරන්නේ 2015 ඉඳන් වහල් ආණ්ඩුවට එරෙහි ජනතාව නෙමෙයි. දැන් පොහොට්ටුවේ ඉන්නේ වහල් ආණ්ඩුව බලයට ගෙනාපු කස කාරයෝ නලා කාරයෝ හේවිසි කාරයෝ නැට්ටුවෝ. දැන් පොහොට්ටුවේ දේශප්‍රේමීන්ට තැනක් නැහැ. ඔවුන් එලවනවා. පොහොට්ටුවේ නිර්මාතෘ 2015 ජනසටනේ හිටපු මිනිහෙක් නෙමෙයි.
Reply : 0 0
Dayan Tuesday, 15 October 2019 06:41 AM
එහෙමනම් ගොටාබය මහතාගේ ගේ රැලි වලට එන්නේ UNP සහ JVP පාක්ෂිකයෝ, මොකටද?හූ කියල යන්න.
Reply : 0 0
සුජීව Tuesday, 15 October 2019 07:03 AM
වක්කුඹුර මහත්තයෝ ඇහැලියගොඩ ජනතාව ඇමතීමට තිබුන රැස්වීමට රටවටෙන්ම සෙනග ගෙනාවනේද.හූකී එවුන් එජාප හා ජවිපෙ එවුන්නම් වාසු හා පවිත්‍රාගේ ඉල්ලීමට හූකීම නැවැත්තුවේ ඇයි.හූකීම ඔබලාගේම සැලැස්මක්.ඒ සමගම හිතාගන්න ඔයකියන රැස්වීම තිබුනේ 12 වැනිදා එදින තද වැස්ස දවසක්.නමුත් සජිත්ගේ රැස්වීම තිබුනේ 14 වෙනිදා පොද වැස්සක්වත් නැහැ.එයින්ම පෙනෙනෙවා.ස්වභාව ධර්මයත් සලකන්නේ සජිත්ට බව.1977 සිරිමාවෝ මැතිණිය හා ජේ.ආර් පැමිණි වෙලාවෙත් සිදුවුනේ එවැනි තත්වයක්ම තමයි.ඒ නිසා අපට කියන්න පුළුවන් සජිත්ට ජය නියතයි කියල
Reply : 0 12
Batangala Tuesday, 15 October 2019 07:13 AM
ජ වී පෙ ට UNP එකට චෝදනා කරන කට්ටිය පොඩ්ඩක් හිතන්න විකල්පයක් ගැන හිතන්න ජනතාව දැන් යොමුවෙන්නේ අයි කියල. දෙපැත්තට පනින ගෙම්බෝ දැක්කම හූ කියන්න ගෙදර ඉදන් මේවා බලන අපටත් හිතෙනවා.
Reply : 0 5
ටි ඉන්දික Tuesday, 15 October 2019 08:26 AM
උන් කවදාවක් ඔය පක්ෂයේ රැස්වීමක් ළගින්වත් යන් නෑ.එච්චරකට අපිපරියා ජාතියක්..තොපිම හූ කියාගෙන අනුන්ගේ පිටින් දාන්න එපා
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd