ඊයේ (16) පැවති ජනාධිපතිවරණයේ දි ශ්රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය විජයග්රහණය කිරිම සදහා ඡන්දය ලබාදුන් දකුණු පළාතේ ජනතාවට තමන් හිස නමා ආචාරය පුදකරන බව දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට දකුණු පළාතේ ජනතාව විසින් මෙවර ජනාධිපතිවරණයේ දි අතිවිශිෂ්ඨ ජයග්රහණයක් ලබා දි ඇති බවද ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
විශේෂයෙන් ගාල්ල දිස්ත්රික්කයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩි ඡන්ද 2.48.747ක් ලබා දෙමින් අතිවිශිෂ්ඨ ජයග්රහණයක් ලබාදිම සම්බන්ධව ගාල්ල දිස්ත්රික්කයේ ජනතාවට තමන්ගේ හදපිරි ප්රණාමය පුදකරන බවද ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
ලබාගත් මෙම ජයග්රහණය සාමකාමිව භුක්තිවිදින ලෙසද ෂාන් විජේලාල් ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.