ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට ආණ්ඩුවට සති දෙකක කාලයක් ලබාදෙන බවත්, එසේ නොකළහොත් පෙබරවාරි 14 වැනි දින සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.
මීට අමතරව පෙබරවාරි 26 වැනි දින එක්දින වැඩ වර්ජනයක් සිදුකිරීමටත් සැලසුම් කර තිබෙන බවත්, පළමු ක්‍රියාමාර්ගය ලෙස පෙබරවාරි 14 වැනි දින ගුරු විදුහල්පතිවරුන් කොළඹට රැස්වී දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බවත් අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට පසුගිය ආණ්ඩුව විසින් අතුරු වැටුප් ක්‍රමයක් යෝජනා කර තිබූ බවත්, එහෙත් එම වැඩපිළිවෙළ වර්තමාන ආණ්ඩුව අවලංගු කර තිබෙන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.