ඊයේ දහවල් 12 සිට රාත්‍රී 8 දක්වා බස්නාහිර පළාත උතුර දිසාවට අයත් කැලණිය ,ගම්පහ හා මීගමුව යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් හා පොලිස් ස්ථාන වල දුෂණමර්දන අංශ නිලධාරින් ඒකාබද්ධව විශේෂ වැටලීමක් සිදු කර තිබේ.
එහිදි ආයුර්වේද ප්‍රතිකාර හා සම්භාවන මධ්‍යස්ථාන මුවාවෙන් නීතිවිරෝධි ලෙස ගණිකා වාත්තියේ යෙදුනු මධ්‍යස්ථාන 17ක් වටලා තිබේ.
නිට්ටඔුව යක්කල,වේයන්ගොඩ,ජාඇල,බියගම,සීදුව යන පොලිස් වසම් වල මෙම නිතිවිරෝදධි මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති අතර එහිදි කලමනාකරණයේ යෙදි සිටි පුද්ගලයින් 09 දෙනෙකු හා කාන්තාවන් 42 අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අවු 19ත් 45ත් අතර පසුවන විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන් වේ.