දහවල් 12 සිට අද සවස 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 312 ක් ගතවු පැය 6 තුළ අත්අඩංගුවට පත්ව තිබේ.
මෙහෙදී අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 117 ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඒ අනුව ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 7931 වන අතර වාහන 1981 වන බවද පොලීසිය සඳහන් කරයි.