සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනකු කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ දී අද (17) දින උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , සහකාර පාලක (නීති ) ගයාන් මිලින්ද මහතා පැවසීය .
ආගමන , විගමන දෙපාර්තමේන්තු විමර්ශන සහ බුද්ධි තොරතුරු ඒකකය වෙත ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ , එම නිලධාරීන් පිරිස උපාය දූතයෙකු යොදවා මෙම කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ත් 40 ත් අතර පසුවන මෙම රුසියානු කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
ශ්‍රී ලංකාවේ ආගමන , විගමන පනතේ ඇති විධිවිධාන අනුව සංචාරක වීසා මත මෙරටට පැමිණි කිසිවෙකුටත් ශ්‍රී ලංකාව තුළ රැකියා වල නිරත වීම තහනම් වන අතර , ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීම ද තහනම් කටයුත්තකි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් තිදෙනා මේ වනවිට මිරිහාන විශේෂ රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන ඇති අතර , මොවුන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටිති .
මෙම අත්අඩංගුවට ගැනීම ආගමන , විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි තොරතුරු ඒකකයේ නියෝජ්‍ය පාලක විපුල් කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කර තිබුණි .