කොළඹ වරායේ ප්රතිනැව්ගත බහලු මෙහෙයුම් 19.8%කින් පළමු අර්ධයේදි වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.
2017 වර්ෂයේ පළමු අර්ධයේදී මෙහෙයවන ලද බහලු ඒකක 2,281,636ට සාපෙක්ෂව 2018 වර්ෂයේ පළමු අර්ධයේ බහලු ඒකක 2,733,906ක් මෙහෙයවීමට කොළඹ වරාය සමත්ව ඇති අතර එය වාර්තා ගත වර්ධනයක් බව වරාය අධිකාරිය පවසයි.