කොළඹ වරායේ ප්රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල 19.4%ක සුවිශේෂී වර්ධනයක් පෙන්වා ඇතැයි ශ්රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
2017 වසරේ මුල් මාස 9 හා 2018 වසරේ මුල් මාස 9 ක කාලය තුළ සැසදීමේදී මෙම වර්ධනය පෙන්වා දී තිබේ.
2017 වසරේදී ප්රතිනැව්ගත බහාලු 3,522,521 මෙහෙයවා ඇති අතර 2018 වසරේදී එම අගය 4 206 630ක් වෙයි.
මේ අතර ශ්රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ ප්රතිනැව්ගත මෙහෙයුම්වලද එම කාල සීමාවේ 23.3%ක වර්ධනයක් පෙන්නුම් කරන බවද ශ්රී ලංකා වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.