මහනුවර කුන්ඩසාලෙ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පි සි ආර් පරික්ෂණයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මෙම නිලධාරියා පසුගිය 25 වන දින නිවාඩු ලබා පැමිණ ඇති අතර දින 11 ක් තම නිවසේ ගත කර ඇති බවද අධ්යක්ෂවරයා පවසයි.
මේ වනවිට එම ප්‍රදේශයේ ඔහු ඇසුරු කල ආශ්රීතයන් හදුනා ගනිමින් සිටින අතර හදුනාගත් ආශ්‍රිතයින් 40 ක් පමණ ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පැවසිය.