වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කඳවුර ආසන්නයේදි ත්රිරෝද රථ දෙකක් හා කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
කුඩාඔය වන්දම මාර්ගයේ සිට තණමල්විල, වැල්ලවාය මාර්ගයට ත්රිරෝද රථයක් ප්රවේශ කිරිමේදි, වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ගමන්ගත් ත්රිරෝද රථයක් ගැටි ඇති අතර එම ත්රිරෝද රථයට පසුපසින් වේගයෙන් පැමිණි කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එම ත්රිරෝද රථ දෙකම යටකර පළාගොස් තිබේ.
අනතුරෙන් එම ස්ථානයේදිම තිදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
පළාගිය ලොරිරථය අත්අඩංගුවට ගැනිමට පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.
තුවාල ලැබුවන්ගේ තත්ත්වයද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මොණරාගල - නයනජීව බණ්ඩාර