කිරිපිටි ආනයනය සීමා කිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනිමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තුවේදී පැවති සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතුරු ප්‍රශ්නයක් යොමුකළ අවස්ථාවේ, ඊට පිළිතුරු ලබා දෙමින් එතුමිය මේ බව සදහන් කළාය.
ජනතාව තුළ දියර කිරි භාවිතය ඉහළ නැංවීම සදහා වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ අමාත්‍යවරිය ඊට අදාළ වෙනත් පාර්ශව සමඟ කඩිනමින් සාකච්ජා කරන බවද වැඩිදුරටත් පැවසුවාය.
සෞඛ්‍යවත් ජීවිතයක් ජනතාවට උරුම කර දීම සදහා දියර කිරි භාවිතය ඉහළ නැංවීමේ අත්‍යාවශ්‍යතාවය ද මෙහිදි සාකච්ජා විය.