කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ (14දා) සමත්විය.
මෙම පුද්ගලයින් කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දිය නෑම සඳහා මුහුදට බැස ඇති අතර, එහිදී දියේ ගිලෙන බව නිරීක්ෂණය කළ ප්රදේශවාසින් පිරිසක් වෙරළ තීරයේ ජිවිතාරක්ෂක රාජකාරියෙහි නියුතු නාවික හමුදා ක්ෂණික ප්රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක නාවිකයින් දැනුවත් කර ඇත.
ක්ෂණිකව ක්රියාත්මක වූ නාවික පුද්ගලයින් දියේ ගිලෙමින් සිටි මෙම පුද්ගලයින් බේරා ගැනීමට සමත් වූ අතර, මෙසේ බේරා ගනු ලැබුවේ අවුරුදු 24 ත් 30 ත් අතර වයස් වල පසුවන කළුතර ප්රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.
File Photo