වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (15) දින එහි බට නිවාස ආසන්නයේ ඇති ගසක ගෙලවැළ ලාගෙන මිය ගොස් ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නයිවල, වේයන්ගොඩ. ලිපිනයේ පදිංචිව සිටි කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවුම් අංක 4001 හිමි එන්. ජි. තිලංක නැමැති (32) හැවිරිදි අයෙකි.
ගම්පහ අධිකරණයෙන් විසින් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මෙම පුද්ගලයා පොළොන්නරුව වැලිකන්දේ පිහිටි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කඳවුර වෙත එවන ලද පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මෙම කඳවුර තුළ සිටින සියලුම රැඳවුම්කරුවන් අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු පුද්ගලයන් සිටින පුනරුත්ථාපන කඳවුරකි.
සිදුවු මෙම මරණය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති නන්දන මුණසිංහ මහතා සහ පොළොන්නරුව පළාත භාර පොලිස්පති සෙනරත් සදුන්ගහවත්ත යන මහත්වරුන්ගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. පි . ධමිමික විරසේකර මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.