ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් ඊයේ (17) සවස උතුරු ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී පැවැත්වුණි.
මෙම හමුවේදී උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සහ ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලද අතර, උතුරු පළාතේ ජල ගැටලුව විසඳීම සඳහා වඩමාරච්චි ජල සම්පාදන යෝජනා ක්‍රමය සහ වඩමාරච්චි ක්ෂේත්‍ර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලාංකික සරණාගතයින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට නීතිවිරෝධී ලෙස උත්සාහ කිරීම පිළිබඳව අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය දැඩි පියවර ගනිමින් සිටින බවයි.
ඕස්ට්‍රේලියානු රජයේ මහකොමසාරිස් කාර්යාලය හරහා උතුරු පළාතේ සංචාරක කර්මාන්තයේ දියුණුවට සහාය වීමට තමන් සූදානම් බවත්, පුහුණුව ඇතුළු සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිමේ ව්‍යාපෘති දැනටමත් ආරම්භ කරමින් සිටින බවත් ඕස්ට්‍රේලියානු තානාපතිවරයා උතුරු ආණ්ඩුකාර වරයාට වැඩිදුරටත් පැවසීය.